මේ වන විට යුක්රේනය අවට කලාපය රුසියාව හා නේටෝව අතර දැවැන්ත යුධ පරිසරයක් නිර්මාණය වෙමින් පැවතුනද එය ගැටුමක් දක්වා වර්ධනය වන තත්වයක් මේ දක්වා පෙන්වා නැත. කෙසේ වෙතත් කොරෝනා වසංගතය සමග දිනෙන් දින උග්රවෙමින් පවතින ආර්ථික අර්බුධයත් එහි ප්රථිපලයක් ලෙස උද්ධමනය ඉහල යාම තුල මහා බලවතුන්ගේ පාලනයට එරෙහිව එම රටවල් තුලම ගොඩනැගෙමින් පවතින ජනතා විරෝධය වෙනතකට යොමු කරලීම සඳහා යුධ මානසිකත්වයක් නිර්මාණය වෙමින් පැවතුනද ජාත්යන්තර වෙළඳපොළ බෙදා ගැනීම සඳහා සුපරි බලවතුන් අතර විටෙක විවෘතවත් තවත් වරක සංවෘතවත් ගැටුම් උග්රවෙමින් පවතී.
චීනයේ අද (04) දින ආරම්භ වන සීත සෘතු ඔලිම්පික් තරඟාවලියට පෙර චීනය හා රුසියාව අතර පසුගිය සීතල යුධ සමයේ පැවතී ආකාරයේ වෝර්සෝ ගිවිසුමට සමාන යුධ පෙරමුණක් බිහිවීමේ ඉඩක් පවතින බව බටහිර රාජතාන්ත්රික ආරංචි මාර්ග සඳහන් කරති. මෙම උත්සාහයට සමගාමිව මෙම වසරේ ජනවාරි 20 වැනිදා රුසියාව, චීනය සමග ඒකාබද්ධ නාවික යුධ මෙහෙයුමක් ඉන්දියානු සාගරයේ සිදුකරන ලදි. ඉරාන ජනාධිපති EBRAHIM RAISSI රුසියාවේ සිදු කරන ලද සංචාරයේදී රුසියාව සමගින්ද අවුරුදු 20කට බල පවත්වන ආකාරයට යුධ හා ආර්ථික ගිවිසුමකට අත්සන් තබන ලදී.
මීට පෙර ඉරානය චීනය සමගත් මේ හා සමාන යුධ ගිවිසුමකට එකඟ වන ලදි. මෙවැනි සම්මුතීන් ඉරානය සමග අත්සන් තබනුයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල ඉරානයේ න්යෂ්ටික අවි අර්බුදය සම්බන්ධයෙන් ඇමරිකාව සමග සාකච්ඡා උණුසුම් වෙමින් පවතින මොහොතකදීය. ඒ අතර ඇෆ්ගනිස්ථානය හා පාකිස්ථානය ඍජුවම චීනය හා රුසියාව සමග කඳවුරු බැඳ ඇත්තේ සමස්ථ මධ්යම ආසියාවම නේටොවට අහිමි කරමිනි. එහිදී BRIC සංවිධානයේ සාමාජිකයෙකුද වන ඉන්දියාව පමණක් ඇමරිකාවට සමීපව සිටියද ආසියාවේ පැසිෆික් කලාපයේ නේටෝ සංවිධානය වන Quad හවුලට එක්වීම මේ දක්වා දිල්ලි පාලනය ප්රතික්ෂේප කර ඇත.
ඒ අතර රුසියාව තම හමුදා අප්රිකාවේ මාලි රාජ්යයටද යවනු ලැබුවේ එරට රඳවා තිබෙන ප්රංශ හමුදාවට අභියෝගී කරමින් වන අතර මේ වන විට බුර්කිනා-පාසෝ හි සිදුවූ හමුදා කුමන්ත්රණයටද ඍජුවම සහය පළකර ඇත්තේ එය යටත් විජිතවාදයට එරෙහිව තැබූ යෝධ පියවරක් ලෙස සලකමිනි. ආරක්ෂක මණ්ඩලයේදී ඇමරිකාව විසින් මාලි රාජ්යයේ හමුදා රජයට එරෙහිව යෝජනා කරන ලද සම්බාධක චීනය සමග නිෂේධ බලය යොදා පරාජය කරනු ලැබීමෙන් පෙනීයනුයේ පැරණි යුරෝපීය බලවතුන්ට අප්රිකාවද කෙමෙන් කෙමෙන් අහිමි වී යන බවට ඉඟි පලකරමිනි. මෙම සියළු සිදුවීම් මගින් ප්රදර්ශනය වනුයේ චීන ආර්ථික ව්යාප්තවාදයහි යුධ පෙරමුණේ ආරක්ෂක භටයා බවට රුසියාව පත් ව සිටින බවයි.
පසුගිය ජනවාරි 27 වැනිදා සිදුවූ ඇමරිකානු රාජ්ය ලේකම් antony Bliken හා චීන විදේශ ඇමති WANG Yi අතර දුරකථන සංවාදයේදී චීනය කොන්දේසි විරහිතව යුක්රේන අර්බුදයේදී රුසියාව සමග හිට ගන්නා බවට පවසා තිබුණු බව බටහිර මාධ්ය වාර්තා කර සිටියහ. මෙම සංවාදය සිදු වී පසුදාම රුසියානු හා චීන විදේශ අමාත්යවරුන් නව ආරක්ෂක ගිවිසුමකට අත්සන් කර ඇත. මෙම ගිවිසුම සක්රිය කිරීම ඔලිම්පික් උළෙල ආරම්හක දිනය වන පෙබරවාරි 4 වැනිදා දෙරට නායකයින්ගේ සහභාගිත්වයෙන් සිදුවීමට නියමිතය. මේ වන විට බීජිං ඔලිම්පික් උළෙල ඇමරිකාව, මහා බ්රිතාන්යය, කැනඩාව හා ඕස්ට්රේලියාව විසින් වර්ජනය කිරීමට තීරණය කර ඇති අතර ඒ තුල සැඟව ඇති කටුක සත්යය මෙම චීන රුසියානු සබඳතාවය බව සැක කෙර්.
යුක්රේන අර්බුදයේදී යුරෝපා සංගමයේ සාමාජිකයන් අතර සිදුවූ බෙදීයාම ඔලිම්පික් උළෙල වර්ජනය කිරීම සම්බන්ධයෙන්ද නේටෝ සමාජිකයින් අතර එකඟතාවයක් නොමැති බවට පෙන්නුම් කරන තවත් පැහැදිලි කාරණයකි. යුක්රේන අර්බුදය හේතුවෙන් මේ වන විට යුරෝපයේ ගෑස් මිල 20%කින් ඉහල ගොස් ඇත්තේ ආර්ථික උද්ධමනය හේතුවෙන් අත්යවශ්ය ආහාර මිලද ඉහල ගොස් තිබියදී එම ජනතාව තව තවත් පීඩනයට හසු කරමිනි.
යම් ආකාරයකින් චීනය හා රුසියාව පැරණි වර්සෝ කඳවුරට සමාන ජාත්යන්තර යුධ සංවිධානයක් බිහිකිරීමට තීරණය කළහොත් එයට මුහුණ දීමට නේටෝ සංවිධානයට එතරම් පහසු කටයුත්තක් නොවනුයේ පසුගිය සීතල යුධ සමයේ චීනය වර්සෝ සාමාජිකයෙකු නොවීම පමණක් නොව ලෝක වෙළඳපල හසුරවන ප්රධාන බලවතාද XI JINPING බවට පත්වන විට ඔහුගේ ආරක්ෂක ඇමති බවට vladimir putin පත්වීම මගින් සමස්ථ ලෝකයම හැසිරවීමේ හැකියාව ඔවුන්ට ලැබෙනු ඇතැයි ආර්ථික සහ යුද විශේෂඥයෝ මේ අතර පෙන්වා දෙති.










