බොරතෙල් අවසන්… සපුගස්කන්ද යළි වැහෙයි…

බොරතෙල් අවසන්… සපුගස්කන්ද යළි වැහෙයි…

මෙරටට ගෙන්වනලද බොරතෙල් අවසන් වීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට (20) සිට වසා දැමීමට තීරණය කළ බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

සමාගම් කිහිපයක් විසින් බොරතෙල් ඇණවුම් කර තිබුණද එම ඇණවුම් ලැබෙන දිනයක් මෙතෙක් නිශ්චිත දියක් වාර්තාවී නොමැති බවද ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

කෙසේවෙතත් බොරතෙල් ආනයනය කළ පසු යළි සපුගස්කන්ද තෙල් පිරිපහදුව විවෘත කරන බවත් එහි දින වකවානු සඳහන් කළ නොහැකි බවත් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්