බස් ගාස්තුව තවත් 25%කින් වැඩිවෙන ලකුණු!

බස් ගාස්තුව තවත් 25%කින් වැඩිවෙන ලකුණු!

ඉදිරි මාස තුන ඇතුළත දී බස් ගාස්තුව යලි 25%කින් වැඩි කිරීම‌ට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 25ත් 30ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇත. මේ වාර්ෂික ගාස්තු වැඩි කිරීමේ එකඟතාවයට අනුවය.

මේ අතර ලබන සඳුදා වනවිට ටයරයක මිල 15%කින් ඉහළ යන බවද වාර්තා වී ඇතැයි පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජයරත්න පවසයි. පසුගිය සතියේ දී බස්ගාස්තුව වැඩි වූයේ ඉන්ධන මිලට සමගාමීව වෙන අතර ඒ මිල ඉහළයාමට අනෙකුත් කරුණු බලපෑවේ නැතැයිද ඔහු සඳහන් කරයි.

ජාතික ප්‍රතිපත්තියට අනුව වාර්ෂිකව සිදුවන ගාස්තු ඉහළ දැමීමේ ක්‍රියාවලියට අනෙකුත් වියදම්ද එක්වීමෙන් බස් ගාස්තුව යළි වැඩිවෙන බවද ඔහු පවසයි.

අද රටේ පවතින ආරිථික අර්බුදකාරී තත්වය හා ‌ඩොලර් මිල මේ ආකාරයටම පැවතුනහොත් ලබන ජූනි – ජූලි මාසය වනවිට බස් ගස්තුව තවත් 25%කින් වැඩි වනු ඇතැයිද ඔහු අවධාරණය කළේය.

ඉරිදා ලංකාදීප

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්