පානදුර, මහබෙල්ලන හන්දිය අසලදී ඊයේ රාත්රී 7:00 ට පමණ පානදුර ප්රදේශයේ සිට හොරණ දෙසට ධාවනය වූ ජීප් රියක් රියැදුරුට පාලනය කරගත නොහැකි ව මාර්ගයෙන් ඉවතට පැනීමෙන් සිදු වූ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්යාව 02 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තාවේ.
ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ ප්රචාරක රැලියක් මෙම ස්ථානයේ තිබී ඇති අතර රියදුරට නින්ද යෑම හේතුවෙන් රථය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුවී ඇති බව පානදුර පොලීසිය පවසයි.
වයස අවුරුදු 50ත් 60ත් අතරේ පසුවූ කාන්තාවක් සහා ප්රතිකාර ලබමින් සිටි වයස අව්රුදු 62ක පිරිමි අයෙකු ඊයේ රාත්රී මිය ගොස් ඇති බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
අනතුරෙන් තුවාල ලැබූවන් පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බවත් අනතුරට සම්බන්ධ සම්බන්ධ ජීප් රථයේ රියැදුරු අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පොලීසිය පවසයි.









