බුද්ධික පතිරණ සමාව ගනී

එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් පාර්ලි මේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් එම පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් සමාව ඉල්ලා ලිපියක් ඉදිරිපත් කර තිබූ බව එ.ජා.ප. රන්තපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැසුයේ ඊයේ (16) පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. දැනට කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් නෙරපා සිටින බුද්ධික මන්ත්‍රීවරයා විසින් සමාව ඉල්ලා ලිපියක් ඉදිරිපත් කිරීම අගය කරන බව හෙ‍තෙම සඳහන් කළේය.

මේ අතර සිරිකොත මන්දිරයට එල්ල වූ ප‍්‍රහාරය පිළිබඳව දර්ශන ඇතුළත් වීඩියෝ පටයක් ප‍්‍රදර්ශනය කර ඇති අතර එම වීඩියෝ පටයට සිරිකොත මන්දිරයට ප‍්‍රහාර එල්ල කරන ආකාරය සහ ඊට අනුබල සහ ආධාර ලබාදුන් අයගේ දර්ශනද ඇතුළත් කර තිබී ඇත.

අනතුරුව,  සිරිකොත පක්ෂ මූලස්ථානයට පහරදී අලාභහානි සිදුකිරීමේ ක්‍රියාවට සම්බන්ධ සියලුම පුද්ගලයන්ට එරෙහිව නෛතික හා පක්ෂ අභ්‍යන්තරික ක්‍රියා මාර්ග ගැනීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය යෝජනාවක්  ද සම්මත කරගත් බව එ.ජා.ප. අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කරයි.

ආශ්‍රිත පුවත්

එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද

එජාප අර්බුදය – පරීක්ෂණ පවත්වන්න සී.අයි.ඩී යටත් පැමිණිලි

කරූගේ කාර්යාලය වෙනත් වැඩකට යොදවයි

රනිල්ට එ‍රෙහිව සජිත් ගේ වැඩ දිගටම

රනිල්ගේ අණ නොතකා සජිත් ධාවනයේ

එජාප අර්බදුය උග්‍ර අතට දයාසිරි නඩු මගට

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්