ඉදිරියේදි පැවැත්වීමට නියමිත ලෝක ශිෂ්ය හා තරුණ උළෙලේ සුදානම් කිරීමේ ජාත්යන්තර කමිටුව මාරතු 26-28 යන දිනවල දකුණු අප්රිකාවෙහි පැවැත්විණි.
මෙම ජාත්යන්තර සූදානම් කිරීමේ කමිටුව සදහා සංවිධාන 35 ක් නියෝජනය කරමින් නියෝජිතයින් 75 ක් සහභාගි වි ඇත. මෙහිදී සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක බිමල් රත්නායක සහෝදරයා විසින් ඉදිරිපත් කළ ශ්රී ලංකාවේ ශිෂ්ය මර්ධනය වහා නතර කරන ලෙස ආණ්ඩුවට බල කිරීමේ යෝජනාවත්, බුරුමයේ දිගින් දිගටම සිදුවන ආගමික ගැටුම් වහා නතර කරන ලෙසත් බලකිරීමේ යෝජනාවත් ඒක මතිකව සම්මත විය.
”18 වන ලෝක තරුණ හා ශිෂ්ය උළෙලේ ජාත්යන්තර සූදානම් කිරීමේ කමිටුව වන අපි ශ්රී ලංකාවේ ආණ්ඩුව සහ විශ්ව විද්යාල බලධාරීන් විසින් ශිෂ්ය ක්රියාකාරීන් 66 කගේ ශිෂ්ය භාවය අහෝසි කිරීමත් ශිෂ්ය සංගම් තහනම් කිරීමත් (සබරගමුව විශ්ව විද්යාලයේ) හෙලා දකිමු. එම පංති තහනම ඉවත්කරන ලෙසත් ශිෂ්ය සංගම් තහනම ඉවත් කරන ලෙසත් ශ්රී ලංකාවේ දිගින් දිගටම ක්රියාත්මක වන ශිෂ්ය මර්ධනය නතර කරන ලෙසත් අපි ශ්රී ලංකාවේ ආණ්ඩුවට බල කර සිටිමු.”









