බැංකු පද්ධතියේ විදේශ වත්කම් බිඳවැටේ

පසුගිය වසර අවසන් වන විට මෙරට බැංකු පද්ධතිය සතුව තිබූ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය රුපියල් කෝටි 9810ක්.

2010 වසර අවසන් වන විට මෙරට බැංකු පද්ධතිය සතුව පැවති ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය රුපියල් කෝටි 37,740ක් තිබී ඇති අතර එය 2011 වසර තුළදී රුපියල් කෝටි 27,940කින් කඩාවැටී ඇත.

මේ අනුව 2011 වසර අවසන් වන විට බැංකු පද්දතිය සතුව විදේශ වත්කම් වශයෙන් පැවතී ඇත්තේ රුපියල් කෝටි 9,810ක් බව ශ්‍රී ලංකා මහබැංකු වාර්තාව සඳහන් කරයි. මෙම තත්වය මෙරට බැංකු පද්ධතිය කෙරෙහි පවතින විශ්වාසයට සහ ස්ථාවරත්වයට දැඩි හානියක් බව ආර්ථික විශ්ලේශකයෝ සදහන් කරති.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්