
උතුරු මැද පළාත් සභාව නියමිත කාලයට පෙර විසුරුවා හැරීම වළකාලමින් එහි මන්ත්රීවරයකු විසින් අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව උතුරු මැද පළාත් සිවිල් අභියාචනාධිකරණය අද (08) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
වසර 2013 සැප්තැම්බර් මස 17 වන දින උතුරු මැද පළාත් සභාවේ නිල කාලය අවසන්වීමට ඇතත් පළාත් ප්රධාන අමාත්යවරයා විසින් ඊට ප්රථම පළාත් සභාව විසුරුවා හැරීමට උත්සහ දරමින් සිටින බව එම පෙත්සම මගින් අධිකරණයට දන්වා තිබිණි.
උතුරු මැද ප්රධාන අමාත්යවරයා සහ ආණ්ඩුකාරවරයා ඇතුළු වගඋත්තරකරුවන් 7 දෙනෙකුට එරෙහිව මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබූ අතර ඔවුන් සියලූදෙනාට ලබන 16 වැනිදා උතුරු මැද සිවිල් අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද නියෝග කෙරිණ.









