මේ වන විට මහජනතාව බැංකුවල තැන්පත් කරන මුදල් සඳහා ලබාදෙන පොලී ප්රමාණය 5%ක් පමණ දක්වා අඩු වී තිබෙන අතර, මේ වන විට රටේ උද්දමනය 4.2%ක දක්වා ඉහළ යාමෙන් බැංකු තැන්පතු සඳහා ලැබෙන සැබෑ පොලිය දශම 8%ක් වී ඇති බව අනාවරණය වේ.
වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු රජයේ ණය සඳහා අඩු පොලියක් ගෙවීමේ ආර්ථික උපාය මාර්ගය අනුව පොලී අනුපාතික විශාල වශයෙන් පහත හෙළනු ලැබීය. මේ නිසා විශ්රාමිකයන් ඇතුළු රටේ වැඩිහිටි ජනගහනය බැංකු පොලී ආදායමෙන් ජීවත්වූ ජනතාවට බරපතළ ආර්ථික පීඩනයක් එල්ල වී තිබේ.
මේ අතර පොලී අනුපාත අඩුකිරීමෙන් පෞද්ගලික අංශයේ ආයෝජන අවස්ථා වැඩිකර ගැනීම පිළිබඳව ආණ්ඩුව විශාල වශයෙන් අපේක්ෂා කළද, එම අපේක්ෂාවද මේ වන විට බිඳවැටී ඇති බව මූල්ය ක්ෂේත්රයේ තොරතුරුවලින් අනාවරණය වේ. මහජනතාවට සැලකිය යුතු තරමින් බැංකු ණය ලබාගත්තද, ඒවා පරිභෝජනය සඳහා, භාණ්ඩ මිලදී ගැනීම වෙනුවෙන් යොදවා ඇති බව හෙළිවී තිබේ.










