රටට විෂ ආහාර ගෙන්වීමේ සියලු වැරදි ශ්රී ලංකා ප්රමිති ආයතනයේ අධ්යක්ෂ ජෙනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න මත පටවා ඇගේ වැඩ තහනම් කර ආණ්ඩුව අත පිහදා ගැනීමේ උත්සාහයක නිරතවන බව වාර්තා වේ.
පසුගියදා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවක දී රටට ගෙන්වන තවත් ආහාර පානවල විෂ අඩංගු බවත් සමාගම් වැටෙන නිසා ඒවා එළිදරව් නොකරන බවත් ඇය ප්රකාශ කරන ලදී. මේ වනවිට වස විස ආහාර පිළිබඳව රටේ ඉමහත් ආන්දෝලනයක් හටගෙන ඇත. පසුගිය කාලය පුරාම නීතිරීතිවලින් රිංගා යමින් එම විෂ සහිත ආහාර ආනයනය කර ඇති අතර ඒවා කිසිදු බාධාවකින් තොරව වෙළඳපොළට නිකුත් කර ඇත. ඒ බව තවත් පෞද්ගලික රූපවාහිනී නාලිකාවක දී මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ගේ සංගමය සභාපති උපුල් රෝහණ ද ප්රකාශ කර ඇත.
රටට මෙම විශ ආහාර ගෙන්වන ජාවාරම්කාර සමාගම් සමඟ කටයුතු කරන නිලධාරීන් සහ දේශපාලඥයන් හෙළිදරව් කරනු වෙනුවට සිද්ධිකා සේනාරත්න මත සියලු වරද පටවා ප්රශ්නයෙන් ලිස්සායාමට ආණ්ඩුව සූදානම් වෙයි.










