බැංකුවලින් පොලීසියටත් පොල්ලක්

පසුගිය අයවැය යෝජනා අනුව පොලිස් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයට ලබා දීමට නියමිත ආපදා ණය ලබා ගැනීමේදී බැංකු විසින් එය බොහෝ විට මඟහැර යන බව අනාවරණය වේ.

මෙම ණය සඳහා 4.5%ක පොලියක් ණය කරුගෙන් ලබා ගන්නා අතර අදාළ වාණිජ බැංකුවලට ඉතිරි පොලිය මහා භාණ්ඩාගාරය විසින් ගෙවන බව නිවේදනය කර තිබිණ. ණයකරුවන්ගේ අග්‍රහාර රක්ෂණය මෙම ණය සඳහා සුරැකුම් වශයෙන් තබා ගනී. එසේ තිබියදීත් අදාළ වාණිජ බැංකු විසින් මෙය නොගෙවා පැහැරහැරීමට දරණ උත්සාහය පිළිබඳව ආණ්ඩුවේ අවධානය වහා යොමු විය යුතු බව පොලිස් නිලධාරීන් පෙන්වා දෙති.

 

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්