ගෝඨාටත් රටින් පිටවීම තහනම්

පාවෙන අවි ගබඩා සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අවසන් වන තුරු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු නාවික හමුදාපතිවරයකු වන සෝමතිලක දිසානායක මහතා ඇතුළු තවත් දෙදෙනෙකුට විදේශ ගතවීම අද (09) උදෑසන සිට තහනම් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ගාලු වරයේ නවතා තිබූ මහනුවර නැවේ සහ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ කුටියක රහසිගතව සඟවා තිබූ සංග්‍රාමික අවි විශාල තොගයක් හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ අනුදැනුම මත ගබඩාකර තිබූ බවට චෝදනා එල්ල විය. එම අවි තුන්දහස් ගණනක් තිබී ඇති අතර ටී-56 ගිණි අවි සුළු සංඛ්‍යාවක් පමණක් හැරෙන්නට ඉතිරි සියලු අවි අතුරුදහන් වී ඇති බව වාර්තා විය.

මෙම චෝදනා පිළිබඳව අපක්ෂපාතී විමර්ශනයක් සිදු කිරීම මේ දක්වා ප්‍රමාද වී තිබූ අතර හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් සහ අදාළ වගකිව යුතු අනෙක් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා විදේශගත වීම තහනම් කර ඇත.

 

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්