ශ්රී ලංකාවේ මේ වනවිට ගල් අඟුරු ඇතුළු පොසිල ඉන්ධන මත ඉහළම ප්රමාණයක් විදුලිය නිෂ්පාදනය කිරීම පුනර්ජනනීය බලශක්තිය වෙත මාරු කිරීමේ විප්ලවීය ක්රියාමාර්ග දියත් කර ඇත.
සුළං විදුලි සහ සූර්ය පැනල් විදුලි ජනනය මේ අතරින් පෙරමුණේ පවතී. මෙහි තීරණාත්මක පියවරක් ඩෙල්ෆ්, අනලතිව් සහ නයිනතිව් දූපත් යා කරමින් ක්රියාත්මක කර ඇත. එමගින් වාර්ෂික කාබන්ඩයොක්සයිඩ් විමෝචනය ටොන් 2,600ක් ශූන්ය කරන අතර, ඩීසල් ලීටර් මිලයනයකට වැය කෙරෙන විදේශ විනිමය ද ඉතිරි කෙරේ. එම ව්යාපෘතිය පිළිබඳව සවිස්තර වාර්තාවක් පහත වීඩියොවෙන් දැක්වේ.










