බන්දුලගේ කුකුළා පියාඹයි

බන්දුලගේ කුකුළා පියාඹයි

මේ වනවිට වෙළඳපොලේ කුකුළු මස් මිල පැවැති මිල මෙන් දෙගුණයකට ආසන්න මිලක් දක්වා ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයෝ චෝදනා කරති.

කුකුල් මස් කිලෝවක අද (11) පෙරවරුවේ රුපියල් 675ත් 800ත් අතර මිලක් වී තිබේ.

කෙසේ වෙතත් බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ තමන් කිසිසේත් කුකුළු මස් මිල ඉහළ දැමීමට ඉඩ ලබා නොදෙන බවයි.

හම සහිත කුකුළු මස් කිලෝග්‍රෑම් 1ක් සාමාන්‍ය වෙළඳ පොළේ රුපියල් 430කටත් සතොස අලෙවිසල්වලදී හම සහිත කුකුළු මස් කිලෝග්‍රෑම් 1ක් රුපියල් 400කටත් ලබාගැනීමට හැකි බව එහිදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කර තිබිණි.

කෙසේ වෙතත් මේ වනවිට කුකුළු මස් මිල ඉතා වේගයෙන් ඉහළ යමින් පවතී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්