බංකොලොත් වෙබ්අඩවිවල බොරු පුවත්වලට රැවටෙන්න එපා

තමන් කැබ් රතථයේ ගමන් කරමින් සිටියදී හදිසියේම පුද්ගලයෙකු පාර හරහා පැනීමට උත්සාහ කිරීමත් සමග ඔහු බේරා ගැනීමට වාහන වෙනත් දිසාවකට කැපීමේදී සිදු වූ අනතුරු සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රවෘත්ති පළ කරමින් බංකොලොත් වෙබ් අඩවි තමන්ට අවලාද නගමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි. 

අනතුර සිදු වූ අවස්ථාවේ වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කර වෛද්‍යවරාර්තාවක් ලබැ ගැනීමට පොලීසිය කටයුතු කළ බවත් තමන් මත්පැන් පානයකර නැති බවට එම වාර්තාවේ පැහැදිලිවම සඳහන් කර ඇති බවත් පොලිස් වාර්තාවලද එවැන්නක් සඳහන්ව නැති බවත් විජිත හේරත් මහතා වැඩිදුරටත් පවසයි.

රිය අනතුර පිළිබඳව පළවන ඇතැම් ප්‍රවෘත්ති අසත්‍යයි

රිය අනතුර පිළිබඳව පළවන ඇතැම් ප්‍රවෘත්ති අසත්‍යයි

Posted by JVP Srilanka on Tuesday, May 31, 2016

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්