ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතා සිය කැබ් රථයේ ගමන් කරමින් සිටියදී රාජගිරිය ප්රදේශයේදී පදික වේදිකාවේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු හදිසියේම පාර හාරහා පැනීමත් සමග එම පුද්ගලයාගේ ජීවිතය බේරාගැනීමට සඳහා කැබ් රථය වෙනත් දිසාවකට කැපීමේදී එය දුරකථන රැහැන් කනුවක වැදීම නිසා සුළු අනතුරකට පත්ව තිබේ.
එම අවස්ථාවේ අවට පොලිස්නිලධාරීන් හෝ වෙනත් අය නොසිටි නිසා විජිත හේරත් මහතාම සිය දුරකථනයෙන් පොලීසියට අමතා අනතුර සම්බන්ධයෙන් දැනුම් දී එම ස්ථානයට පොලීසය ගෙන්වාගෙන ඇත.









