පොහොර සහනාධාරය වෙනුවට ලබා දෙන මුදල් ලබා ගැනීමට ගොවියන් විසින් සම්පූර්ණ කළ යුතු බැංකු කටයුතු සහ වෙනත් අයදුම්පත් සකස් කිරීම ආදී කටයුතු අද (මාර්තු 31) දිනයෙන් අවසන් කළ යුතු බව ආණ්ඩුව දැනුම් දී තිබූ නමුත් මේ වනවිටත් එම කටයුතු සම්පූර්ණ කර ඇත්තේ ගොවි ජනතාවගෙන් 25%කටත් අඩු පිරිසක් බව වාර්තා වේ.
බොහෝ ගොවීහු මෙම මුදල් ප්රතික්ශේප කර ඇති අතර ඔවුන් පවසන්නේ මුදල් වෙනුවට තමන්ට ලබා දුන් රුපියල් 350ක පොහොර මිටිය නැවත ලබා දෙන ලෙස ය.









