පාස්කු සැමරුම ආසන්න වෙද්දී පොලිසියේ පුටු පෙරලයි

පාස්කු සැමරුම ආසන්න වෙද්දී පොලිසියේ පුටු පෙරලයි

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීඹට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් බලපතල චෝදනා එල්ලවී තිබෙන රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වහාම ක්‍රියාත්මක වෙන පරිදි ස්ථාන මාරු කිරීම් සිදුකර ඇත.

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාව සිටි නිලන්ත ජයවර්ධනට මෙම ආණ්ඩුව යටතේ උසස්වීම් පවා ලබාදී තිබිණි. නව ස්ථාන මාරු කිරීමත් සමඟ මධ්‍යම පළාත බාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (සහායක සේවා) දක්වා වෙනස් කර ඇත.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ගේ ඉල්ලීමක් මත රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව මෙම ස්ථාන මාරු කිරීම් සිදුකර ඇත. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ඇතුළු ඉහල පෙළේ නිලධාරීන් මාධ්‍ය හමුවක් කැඳවා පසුගිය දිනක කරුණු දැක්වූ අතර ලබන 17 වෙනි දින එළඹෙන පාස්කු දේව මෙහෙයෙන් පසුව පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු නොකිරීමට සම්බන්ධයෙන් දැවැන්ත විරෝධයක් පළ කිරීමට සැලසුම් කර තිබෙන පසුබිම තුළ මෙම ස්ථාන මාරු සිදුකිරීම විශේෂත්වයකි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්