රාජපක්ෂ ඉතිහාසයේ පළමුවරට රාජ්ය නායකයාගේ හෝ අගමැතිවරයාගේ නිවසේ සිට අවුරුදු චාරිත්ර ඉටු කිරීම රූපවාහිනි නාලිකා ඔස්සේ සජීවීව විකාශනය කිරීමට මෙවර නොහැකි වී ඇත.
මෙයට පෙර රාජපක්ෂවරුන් අග්රමාත්ය ධුරය දැරූ හෝ රාජ්ය නායක ධුරය දැරූ අවස්ථා සියල්ලේදීම ඔවුන්ගේ නිවාසවල සිට අවුරුදු සැමරීම සජීවීව රූපවාහිනි නාළිකා මගින් විකාශනය කරනු ලැබීය. ඉන්පසු දින කීපයක් යන තුරු රාජ්ය රූපවාහිනි නාළිකාවල ප්රවෘත්තිවලටද එම දර්ශන යොදා ගනු ලැබීය.
නමුත් මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරන අතර රටේ සාතිශය ජනතාව රාජපක්ෂ පවුල පලවා හැරීම සහ කොල්ලකා ගත් ධනය නැවත අත්පත් කර ගැනීම යන සටන් පාඨ පෙරටු කොට ගත් අරගලවලට දායක වෙමින් සිටින අතර රාජපක්ෂවරුන්ගේ අවුරුදු කෑම සජීවී විකාශන සිදු කිරීමට නොහැකි පරිසරයක් නිර්මාණය වී තිබේ.
ඡායාරූපය – ගෝඨාගම අවුරුදු










