පාසල්වල සොරකමේ ගිය අකිලගේ ගෝලයෝ අත්අඩංගුවට

Image result for akila viraj kariyawasamඅධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් විසින් පසුගිය සමයේ පාසල්වල කම්කරු පත්වීම් ලබා දී මාවනැල්ල මයුරපාද ජාතික පොසලේ කම්කරුවන් ලෙස කටයුතු කළ දෙදෙනෙකු එම පාසලේ විදුහල්පති කාර්යාලය බිඳ එහි තිබූ ලැප්ටොප් පරිඝණයක් සහ කැරම්බෝඩ් එකක් මංකොල්ල කෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

එම පාසලේ විදිහල්පතිනියගේ කාර්යාලය මෙසේ පසුගියදා රාත්‍රියේ බිඳදමා එහි තිබූ මෙම ද්‍රව්‍ය රැගෙන ගොස් ඇති අතර මේ සම්බන්ධයෙන් මාවනැල්ල පොලීසියට ලද පැමිණිල්ලක් මත පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබී ඇත.

ඒ අනු පොලීසිය දින කිහිපයක පරීක්ෂණවලින් පසු මොවුන් දෙදෙනා අත්අඩංගුවටගෙන ප්‍රශ්න කිරීමේදී මේ සම්බන්ධයෙන් හෙළි දරව් කරගෙන තිබේ. 

අද (28) පස්වරු 6ට පමණ මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් අවුරුදු 23, 24 පමණ වයසේ පසුවන බව පැවසේ. මොවුන් දෙදෙනාම කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද වැඩිදුරටත් වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්