තවත් රණවිරුවෙක් කොලේ ඉරාගනියි

Image result for rape in girlsවැලිකඩ කලපළුවාවේ නිවසක සිටි 31 හැවිරිදි කාන්තාවක් දූෂණය කර පළා යමින් සිටි හිටපු සෙබළකු වැලිකඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන් සේවිකාවක වන ඇය එම නිවසේ තනිව වාසය කර ඇත.

වැලිකඩ පොලිසියේ ජංගම රථය, යතුරුපැදි ඒකකය හා අපරාධ වැළැක්වීමේ කණ්ඩායම ඒ ආසන්නයේ සිටි නිසා එම මොහොතේම ඔහු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි. 

මෙසේ අත්අඩංගුවට ගත් හිටපු සෙබලා එම ගුවන් සේවිකාව වාසය කළ නිවසට යාබදව ඉදිකරමින් පවතින නිවසක අත්උදව්වට පැමිණි සිටි අයෙකු බවද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්