ප්රශ්නය කලින් තේරෙන්නේ නැති නම් තමන්ගේ ගෙදරට ආවම මිනිස්සුන්ට තේරෙනවා. හැබැයි මේ ඇමතිවරුන්ට එහෙමවත් තේරෙන්නේ නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා පවසයි.
පිළියන්ද ප්රදේශයට පනවා තිබූ සංචරණ සීමා ආණ්ඩුවේ ඇමතිවරු මැදිහත් වී අත්තනෝමතික ලෙස ඉවත් කිරීමට සම්බන්ධයෙන් මාධ්ය වෙත ඊයේ (05) දිනයේදී අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයා මේ බව ප්රකාශ කර තිබේ.










