නිධන් හෑරූ තවත් පිරිසක් මාට්ටු

 

ගල්වළක ගල්කඩන මුවාවෙන් වවුනියාව උලූක්කුලමේ විරපුරම් වෙහෙර බැන්දෑවේ කළු ගලක් කඩා නිධානයක් හාරමින් සිටි බව කියන පිරිසක් කැබ් රත 4ක් බැකෝ යන්ත්‍රයක්, පුපුරණ ද්‍රව්‍ය මල් බුලත් ආදී පූජා භාණ්ඩද සමග සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිස අතරේ කොළඹ, ගාල්ල, මාතර යන ප්‍රදේශවල ව්‍යාපාරිකයන් කීපදෙනකුද ඔවුන්ගේ සහයකයන් ලෙස ක්‍රියාකළ වව්නියාව හා උළුක්‌කුලම යන ප්‍රදේශවාසීහු දෙදෙනෙක්‌ද සිටිති. නිදන් හෑරෑ මෙම ගල් වළ අසළ පැරණි වෙහෙරක නටබුන් ඇත.

කිලෝමීටරයක්‌ දුරින් පිහිටි ගල් පර්වතයක්‌ කැඩීමට මීට ඉහතදී ලබාගත් බලපත්‍රයක්‌ උපයෝගී කරගෙන මෙම සැකකරුවන් පිරිස අදාල ස්‌ථානයේ බහිරව පූජාවක්‌ සිදුකොට ඉපැරැණි චෛත්‍ය පුපුරුවා පසුව කැණීම් සිදුකිරීමට සූදානමින් සිට ඇත.

අත්අඩංගුවෙන් පසු ඔවුන් ලබාදුන් කටඋත්තර අනුවය ඒය අනාවරණය වූ බව පොලිස් ආරංචිමාර්ග සඳහන්කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දසදෙනා 12වනදා පස්‌වරුවේ වව්නියාව මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. සෙට්‌ටිකුලම් පොලිස්‌ ස්‌ථානාධිපති එස්‌. වී. ආර්. සංජීව මහතාගේ උපදෙස්‌ මත මේ සම්බන්ධව වැඩිදුර පරීක්‍ෂණ සිදු කරන බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා ජනමාධ්‍යවෙත පැවැසා ඇත.


 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්