නායකත්ව පුහුණුවේ දෙවන වටය ඇරඹේ

විශ්ව විද්‍යාල සිසුන් සඳහා වන නායකත්ව සහ ධනාත්මක හැකියා වර්ධනය කිරීමේ දෙවන පාඨමාලාව ලබන 27 වැනි දින ආරම්භ කරන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මෙම පාඨමාලාව ජුනි මස 15 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පී.ජී. ජයසිංහ මහතා කියා සිටියි.

පළමු කණ්ඩායම යටතේ සිසුන් දස දහසකට ආසන්න සංඛ්‍යාවක් පාඨමාලාව සඳහා සහභාගී වීමට නියමිත අතර ඔවුන් සඳහා අදාළ කැඳවීම් ලිපි ලබන සතිය තුළ දී ලැබීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බවත් කෙසේ හෝ පුහුණු මධ්‍යස්ථාන 24 කදී පැවැත්වීමට නියමිත මෙම පාඨමාලාව සඳහා තෝරාගත් පළමු කණ්ඩායමට අදාළ සිසුන් 27 වැනිදා සවස 6ට පෙර අදාළ මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බව උසස් අමාත්‍යාංශය කියා සිටියි.

පළමුවන නායකත්ව පුහුණු පාඨමාලාවට සහභාගී වූ ශිෂ්‍යයන්, ඔවුන්ගේ දෙමව්පියන් මෙන්ම විශ්ව විද්‍යාල ආචාර්යවරුන් හා මහාචාර්යවරුන්ගේ අදහස් සැලකිල්ලට ගනිමින් මෙවර නායකත්ව පුහුණු පාඨමාලාව සකස් කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වාදෙයි.

ගියවර පැවති නායකත්ව පුහුණුවේදී සිසු සිසුවියන් විශාල පිරිසක් සරපයන් දෂ්ඨ කිරීම් වන අලි ප්‍රහාරයන්ට ගොදුරුවීම් වැනි අනතුරු වලට මෙන්ම පුහුනුවේදී නොයෙකුත් අභාදවලටද ලක්වූ බවත් ඒ අතර ජීවිතාන්තය දක්වා ආභාධිත වූවන් මෙන්ම මානසික ව්‍යාකූලත්වයට පත්වූ වන් ගැන සහ ජීවිතක්ෂයට පත්වූවන් සම්බන්ධවද ඒ දිනවල මාධය වාර්තා පළවිය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්