දෙවෙනි ඩේසි ආච්චි චෛත්‍යයක් ගිලලා

දෙවෙනි ඩේසි ආච්චි චෛත්‍යයක් ගිලලා

ශිරන්ති රාජපක්ෂ පවත්වා ගෙන ගිය සිරිලිය සංවිධානය මගින් සිදු කර තිබෙන අයථා මූල්‍ය ගනුදෙනු පිළිබඳව රාජපක්ෂ පවුලේ නීතිඥයෙකු වන මනෝජ් ගමගේ කරුණු පැහැදිලි කර තිබේ.

ඔහු මාධ්‍ය හමුවේ කළ කරුණු පැහැදිලි කිරීම ඩේසි ආච්චිගේ මැණික් මල්ල ප්‍රබන්ධය මතකයට නංවයි. ඔහුට අනුව “ගමේ පන්සලේ චෛත්‍යය හදන්න මුදල් ටිකක් එකතු කරනවා දායක සභාව. හැබැයි කවුරු හරි ඇවිල්ලා චෛත්‍යය හදලා දුන්නම ඒ සල්ලි ටික ආපහු දායකයන්ට දෙන්නේ නෑ. තියා ගෙන ඉඳලා පන්සලේ පුණ්‍ය කටයුත්තකට යොදා ගන්නවා” යනුවෙන් පැහැදිලි කර තිබේ.

ජනතාව නොමඟ යැවීම සඳහා මේ ආකාරයේ නීතිඥයන් ගණනාවක් විවිධ අවස්ථාවල දී මාධ්‍යවලට ප්‍රකාශ නිකුත් කර ඇත. සාගර කාරියවසම්, ප්‍රේමනාත් සී දොලවත්ත, උදය ගම්මන්පිල ඒ අතරින් කිහිප දෙනෙකි. පිළිකා රෝහළට පෙට් ස්කෑන් යන්ත්‍රයක් ලබා දීමේ මුවාවෙන් රාජ්‍ය බැංකු සහ පෞද්ගලික බැංකුවලින් මුදල් ලබා ගත් ශිරන්ති රාජපක්ෂ සිංගප්පූරුවේ රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමට ඊයේ (16) බැහැරව ගියාය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්