නිරෝධායන නීති උල්ලංඝණය කරමින් විරෝධතාවයක් පැවැත්වූ බව සඳහන් කරමින් පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව ඇතුළු 05 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
රාජ්ය ඉංජිනේරු සංස්ථා සේවකයින් 09 දෙනෙකු සේවයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් ඒකාබද්ධ ඉංජිනේරු සංස්ථා සේවක සංගමය එම සංස්ථා පරිශ්රය ඉදිරිපිට මෙලෙස විරෝධතාවයක් ආරම්භ කළ අතර ඊට පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ දුමින්ද නාගමුවද එක්ව තිබිණි.
මේ අතර මහජනතාව වැඩියෙන් ඒකරාශී වන පොදු රැස්වීම් හා මහජන උද්ඝෝෂණ පැවැත්වීම නැවත දැනුම් දෙනතුරු සිදු නොකළ යුතු බව දන්වමින් පොලිස් මූලස්ථානය, සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්ය අසේල ගුණවර්ධනගේ උපදෙස් පරිදි ඊයේ (07) නිවේදනයක් නිකුත් කරන ලදී.










