එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ 07කට කොරෝනා

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ 07කට කොරෝනා

පසුගියදා එංගලන්තයේ පැවති ශ්‍රී ලංකාව සහ එංගලන්ත එක්දින ක්‍රිකට් තරඟාවලියට සහභාගී වූ එංගලන්ත ක්‍රීඩකයන් ඇතුළු සාමාජිකයන් 07 දෙනෙකුට කොවිඩ් – 19 ආසාදනය වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

එම ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ එංගලන්ත එක්දින සංචිතයේ සියලු ක්‍රීඩකයන් මේ වනවිට නිරෝධානය කර ඇති බවත් පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තරගාවලියට නව ක්‍රීඩකයන්ගෙන් සමන්විත සංචිතයක් නම් කළ බවත් එංගලන්ත මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසුවේ ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකාවට පැමිණි පසු නිරෝධානයට ලක්කර සිටින බවත් කිසියම් අවදානමක් ඇතිවුවහොත් තවත් ක්‍රීඩකයන් රැසක් ‘ජෛව ආරක්‍ෂක බුබුලක’ සිටීම නිසා ප්‍රශ්නයක් නොවන බවත්ය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්