දිලිත්ගේ නාගයා දෂ්ඨ කිරීම දුරදිග යයි

දිලිත්ගේ නාගයා දෂ්ඨ කිරීම දුරදිග යයි

දිලිත් ජයවීර නායකත්වය දරන සර්ව ජන බලවේගය පක්ෂයේ ජාතික සංවිධායක බව කියා ගන්නා දිලුම් අමුණුගමට එරෙහිව ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා ශාවිත්‍රි පෝල්රාජ් පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

මාධ්‍ය හමුවක් පැවැත්වූ දිලුම් අමුණුගම ප්‍රකාශ කර තිබුණේ වයස අවුරුදු 14ක කුඩා දැරිය ගණිකාවක් බව ය. පසුගිය 20 වෙනි දින ඔහු එම පක්ෂයේ නිල මාධ්‍ය හමුවක දී එසේ ප්‍රකාශ කිරීමත් සමඟ සමාජයෙන් දැඩි විරෝධයක් එල්ල විය.

එම ප්‍රකාශ සම්බන්ධයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය දැඩි අවධානයක් යොමු කර පොලිසියට පැමිණිලි කර තිබේ.

එම පැමිණිලි කිරීමත් සමඟ කලබල වූ දිලුම් අමුණුගම ඊයේ (21) නැවත මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු කරන ලද සාහසික ප්‍රකාශය සම්බන්ධයෙන් වෙනත් අර්ථකථනයක් ලබා දීමට උත්සාහ දැරීය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්