දියව්! දියව්!! පොහොර දියව්!!!

නුවර – මහියංගනය පාර අවහිර කරමින් හොවීහු පාරේ වාඩිගනිති…

අද (26) පෙරවරු 8.30 පමණ සිට පෙරවරු 11.00 පමණ වනතුරු නුවර – මහියංගනය පාර හරස් කරමින් මහියංගනය පොහොර ගබඩාව ඉදිරිපිට දැවැන්ත ගොවි විරෝධතාවයක් පැවැත්විණ.

ගොවීන් විශාල පිරිසක් අද උදෑසනින්ම එම ගබඩාවට පැමිණ තිබී ඇත්තේ තම වගාවට යොදීමට නියමිත පොහොර ලබාගැනීමේ අරමුණිනි. කෙසේ නමුත් අද දිනයේද ගොවීටද දැනගන්නට දැනගන්නට ලැබී ඇත්තේ පොහොර ලබාගැනීමට නොහැකි බවයි. එහිදී දැඩි කෝපයටත්, කලකිරීමටත් පත්වූ ගොවීහු විරෝධතාවයක් ආරම්භ කළහ.

අප කළ විමසීමකදී ඔවුන් පැවසූවේ පසුගිය 15වනදාද සමස්ත ලංකා ගෝවි ජන සම්මේලනයේ ප්‍රධානත්වයෙන් පොහොර ඉල්ලා උද්ඝො‍්ෂණයක්ද සිදු කළ බැවින් ආණ්ඩුව ගොවියා ගැන සැබෑවටම කම්පනයකින් කටයුතු කරන්නේනම් මේ වනවිට පොහොර ලබාදීම අරඹා තිබිය යුතු බවයි.

වැඩිදුරටත් ඔවුන් පවසන්නේ රුපියල් 350ට තිබූ පොහොර මිටිය 550 දක්වා වැඩි කළ බවත් ලබාදෙන පොහොර ප්‍රමානය අඩුකළ බවත්ය. එසේම එම පොහොර වගාවට යෙදුවද සාර්ථක ප්‍රථිපල අත් නොවන බැවින් මෙම පොහොර ප්‍රමිතියෙන් තොර බවත් ඔවුහු පවසති.

“මෙතන ඉන්න ගොවීන් දැන් ඉල්ලන එකම සහනාධාරය තමයි රුපියල් 1,500ට හරි කමක් නැහැ ගුණාත්මක පොහොර ගෙනත් දෙන්න කියන ඉල්ලීම. ආණ්ඩුව මේ කරන්නේ අපිට සහනාධාර එපාකරවලා කලුකඩ මුදලාලිලා‍ගෙන් පොහොර ගන්න සලසවලා සහනාධාර මාතෘකාව ඉවත් කරන්නද කියලත් එක පැත්තකින් අපිට හිතෙනවා” යැයි එවුන් වැඩිදරටත් පැවසූහ.

කෙසේ වෙතත් මෙම විරෝධතා කරුවන් විසුරුවා හැරීමට එම ස්ථානය පැමිනි රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට ගොවීන්ගෙන් දැඩි දෝෂාරෝපනක් එල්ලවූ අතර පැය 24ක් ඇතුළත පොහොර ලබාදෙන බවට පොරොන්දුවීමට අවසානයේ ඔහුට සිදුවිය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්