තෙල් දෙන්නේ අත්‍යවශ්‍ය සේවාවන්ට පමණයි – ඛනිජ තෙල් සංස්ථා සභාපති දැඩි තීරණයක

තෙල් දෙන්නේ අත්‍යවශ්‍ය සේවාවන්ට පමණයි –  ඛනිජ තෙල් සංස්ථා සභාපති දැඩි තීරණයක

ඉන්ධන මිල වැඩි නොකළහොත් විදුලි බලාගාර, දුම්රිය, මගී බස්රථ හා ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන ලබාදීමේ තීරණයකට යන බව ලංකා ඛනිජ තෙල් සංස්ථා සභාපති නීතිඥ සුමිත් විජේසිංහ පවසයි.

මේ වනවිට අලෙවි කරන සෑම ඩීසල් ලීටරයකින් රුපියල් පනහක්ද, පෙට‍්‍රල් ලීටරයකින් රුපියල් 17ක්ද වශයෙන් සංස්ථාවට පාඩුවක් සිදුවන බවද ඔහු පවසයි.

ඒ අනුව සංස්ථාව දිනකට රුපියල් කෝටි තුන්සිය හැටපහකට වැඩි පාඩුවක් ලබන බවත් ඉන්ධන මිල වැඩි නොකළහොත් ඉන්ධන මිලදී ගැනීමට අවශ්‍ය ඩොලර් වෙනුවෙන් ගෙවීමට රුපියල් එකතුකර ගැනීමට සංස්ථාවට නොහැකි වන බවත් සභාපති සුමිත් විජේසිංහ අවධාරණය කරයි.

එම නිසා ඉන්ධන මිල ඉහළ දැමීම අත්‍යවශ්‍ය බවත් නොඑසේ නම් මේ මාසයේ ලබා තිබෙන පාඩුව වැඩි වී ආයතනය බරපතළ මූල්‍ය අර්බුදයකට යනු ඇති බවත් වැඩිදුරටත් අවධාරණය කළේය..

ශිරාන් රණසිංහ – දිවයින

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්