
පසුගියදා ශ්රිලනිපයෙන් ඇමතිධූර භාරගත් 26 දෙනා අතර සිටී තිස්ස කරල්ලියද්ද මහතා දිවුරුම් දුන් බුද්ධ ශාසන හා ප්රජාතාන්ත්රීය පාලන නියෝජ්ය අමාත්ය ධූරය අත්හැරීමට සූදානම් වන බව වාර්තා වේ.
ඊට හේතු වශයෙන් දක්වා ඇත්තේ තම පාක්ෂිකයන් මෙම ඇමතිධූර සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන බවය. ශ්රි ලංකා නිදහස් පක්ෂය සඳහන් කර තිබුණේ එහි මධ්යම කාරක සභාවේ 17ක් දෙනෙකු නියෝජනය කරන බහුතර මතයකින් ආණ්ඩුවේ ඇමතිකම් ලබා ගැනීම අනුමත කර තිබිණ. ඒ අනුව මෙම පිරිසට කැබිනට් ඇමතිධූර 11ක්, රාජ්ය ඇමති ධූර 05ක් සහ නියෝජ්ය ඇමතිධූර 10ක් අවසන් වශයෙන් ලබා දී තිබුණි.
මේ අතර දේශපාලන විශ්ලේෂකයන් සඳහන් කර තිබුණේ ඇමති ධූර ලබා දීම මගින් මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ශක්තිමත් කිරීමට පියවර ගැනීම නොකළ යුත්තක් වූ බවය. එමෙන්ම මෙසේ ඇමතිධූර ලබා ගත් බොහෝ දෙනෙකු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමග දැඩි දේශපාලන සබඳතා පවත්වන බව හෙළි වී තිබේ. මේ අනුව මේ අනුව ඉදිරියේදී තවත් බොහෝ පිරිසක් වත්මන් ජනාධිපතිවරයාගේ පාලනය අඩපන කිරීමට ක්රියා කරනු ඇති බව තහවුරු වේ.
ආශ්රිත පුවත් :-









