තාජුඩීන් ඝාතකයා සැඟවීමේ තැතක්?

ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයේ ප්‍රධාන සැකකරුවා බවට සැකකෙරෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රියදුරා ලෙස කටයුතු කළ තිස්ස නැමති පුද්ගලයා අත්අඩංගුවට ගැනීම ආණ්ඩුවේ ප්‍රබලයකුගේ බලපෑම මත කල්දමා ඇති බවට වාර්තා වේ.

මෙම සැකකරු කැප්ටන් තිස්ස, මේජර් තිස්ස, පොඩි තිස්ස ආදී නම් වලින් හඳුන්වන බවත් තාජුඩීන් ඝාතනය ඇතුළු ඝාතන 10කට අධික ප්‍රමාණයකටද, විනිසුරු මංජුල තිලකරත්නට පහර දීම, මර්වින් සිල්වාගේ පුතාට පහර දී පැහැරගෙන යෑම ආදී අපරාධ රැසකට වග කිව යුතු සැකකරුවකු ලෙස හඳුනා ගෙන ඇති බවත් පැවසේ.

අයවැය සම්මත වීමෙන් අනතුරුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබූ බවට පසුගිය දින වල ආණ්ඩුවේ ඇතැම් ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබූ අතර තාජුඩීන් ඝාතනයේ සීසීටීවි දර්ශන මගින් පැහැදිලි තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව පැවසේ.

ආශ්‍රිත පුවත් :-

තජුඩීන් ඝාතනයේ සැකකරු යෝෂිත සමග – ඡායාරූප පිටවෙයි

මහින්දගේ රියදුරුට විදේශගතවීම තහනම්yoshitha_with_thissa01.jpg - 162.72 Kb

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්