තජුඩීන් ඝාතනයේ සැකකරු යෝෂිත සමග – ඡායාරූප පිටවෙයි

ප්‍රසිද්ධ රග්බි කී‍්‍රඩක වසීම් තාජුඩීන් ඝාතනයේ සැකකරුවකු ලෙස හඳුනා ගෙන ඇති තිස්ස නැමැත්තා යෝෂිත රාජපක්ෂ සමග සිටින ඡායාරූප කිහිපයක් මේ දිනවල වෙබ්අඩවිවල පළ වේ.

තාජුඩීන් ඝාතනය ඇතුළු ඝාතන 10කට අධික ප්‍රමාණයකටද, විනිසුරු මංජුල තිලකරත්නට පහර දීම, මර්වින් සිල්වාගේ පුතාට පහර දී පැහැරගෙන යෑම ආදී අපරාධ රැසකට වග කිව යුතු සැකකරුවකු ලෙස හඳුනා ගෙන ඇති බවත් ඔහු කැප්ටන් තිස්ස, මේජර් තිස්ස, පොඩි තිස්ස ආදී නම් වලින් හඳුන්වන බවත් වාර්තා වේ.

තජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් මොහු අත් අඩංගුවට ගැනීමට නියමිත අතර, මොහු මෙරටින් පිට වීම තහනම් කෙරෙන අධිකරණ නියෝගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය බ‍්‍රහස්පතින්දා ලබා ගෙන ඇති බවද පැවසේ.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි සමයේ ඔහුගේ හා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ රියදුරෙකු ලෙසද කටයුතු කර ඇතැයිද පැවසේ.

yoshitha_with_thissa01.jpg - 162.72 Kbyoshitha_with_thissa02.jpg - 217.96 Kbyoshitha_with_thissa03.jpg - 255.25 Kb

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්