තරුණ මළසිරුරක් අ.පුර වාරිඇලක

 

අනුරාධපුර පොලිස් වසමට අයත් වෙස්සගිරිය වාරිඇලේ තිබී මියගිය තරුණයකුගේ මළසිරුරක් ඊයේ (04) හමුවී ඇතැයි වාර්තාවේ.

වෙස්සගිරිය අභය මාවතේ පදිංචි ගොවි මහතකු මෙ මළ සිරුර දැක ඇත්තේ කුඹුරට ජලය හැරවීම සඳහා ගිය අවස්ථාවේය. ඉන් පසු එම ගොවි මහතා පොලිස් හදිසි ඇමතුම් ඒකකයට (119) දන්වා ඇත. ඉන්පසු පැමිණි පොලිස් නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා අදාල මළ සිරුර රැගෙන ගොස් ඇත.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්