තර්ජන මැද ශාන්ත බණ්ඩාර නි. අමාත්‍ය ධූරය අත්හරී

ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා සිය නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ල අස්වන බව අද (30) උදෑසන කුරුණෑගල පිහිටි නිවසේදී මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කර තිබේ. ඔහුට නියෝජ්‍ය අමාත්‍ය ධූරය අතහැරීමට සිදු වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රාජපක්ෂ පිල විසින් සිදු කරන බලපෑම් හේතුවෙන් බව වාර්තා වේ.

ශ්‍රීලනිපය නියෝජනය කරමින් හවුල් ආණ්ඩුවේ 35 දෙනෙකු අමාත්‍ය ධූර හා නියෝජ්‍ය අමාත්‍ය ධූර දැරූ අතර මීට පෙරද අවස්ථා කිහිපයකදී විවිධ හේතු දක්වමින් අමාත්‍ය ධූර හා නියෝජ්‍ය අමාත්‍ය ධූර දැරූවන් පිරිසක් ඉවත් විය. එම පිරිසේ ඉල්ලා අස්වීම් පිටුපස ඇති සැබෑ තත්වය වන්නේ ඔවුන් රාජපක්ෂ පිල නියෝජනය නොකිරීමත් පාර්ලිමේන්තු මැතිවරණයේදී රාජපක්ෂ පිල විසින් ඔවුන්ට මනාප ලබා නොදෙන ලෙසට ගෙන යන බලපෑමත් හේතුවෙනි.

මේ වනවිට එක්සත් ජනතා නිදහස් සන්ධානය දූෂිත රාජපක්ෂ පිල විසින් හසුරුවමින් සිටින අතර ශාන්ත බණ්ඩාර නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම පිටුපසද රාජපක්ෂ පිලේ තර්ජන හා බලපෑම් පවතින බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි. එසේම ඔහුට නියෝජ්‍ය අමාත්‍ය ධූරය අතහරින ලෙසට රාජපක්ෂ පිලේ පිරිස් විසින් බලපෑම් සිදු කර ඇති බවටද වාර්තා වේ.  ඔහු තවදුරටත් එම ධූරයේ රැදී සිටින්නේ නම් සන්ධාන පාර්ශවයෙන් මනාප ලබා නොදෙන ලෙසටද බලපෑම්  සිදු කර ඇති බව  පැවසේ. කෙසේ හෝ නැවත පාර්ලිමේන්තුවට පැමිණීමේ අපේක්ෂාවෙන් අවසාන මොහොතේදී තමන් දැරූ නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් වෙමින් බොරු හේතු දැක්වීම දක්වා පල්ලම් බැසිමට සිදුවීම හාස්‍යයට කරුණක් බව දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්