ලබන 08 වෙනිදින දවස පුරා පාර්ලිමේන්තුවේදී පොදු ව්යාපාර කාරක සභාව (කෝප්) පිළිබද විවාදයක් පැවැත්වීමට තීරණය ඇත. අද (03) පාර්ලිමේන්තුවේදී පැවැති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වේ.
විපක්ෂය විසින් කෝප් වාර්තාව සම්බන්ධයෙන් එල්ල කරන චෝදනාවලට පිළිතුරුදීමට කෝප් කමිටු සභාපති අමාත්ය ඩිව් ගුණසේකර මහතා එකඟත්වය පලකිරීමත් සමග මෙම විවාදය පැවැත්වීමට තීරණය කළ බව වැඩිදුරටත් වාර්තා වේ.









