ජවිපෙ නායකයාට කටාර්හිදීත් උනුසුම් පිළිගැනීමක්

ජනතා විමුක්ති පෙරමුණේ කටාර් සංවිධානය විසින් කරන ලද 24 වැනි ඉල්මහ විරු සමරු උත්සව සහභාගීවීම සඳහා දෝහා කටාර් රාජ්‍යයට රාජ්‍යයට ගොස් සිටි ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා සිය සංචාරය අතරතුරදී කටාර් හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් මුනගැසී සුවදුක් විමසා බැලීම සඳහා විවිධ ප්‍රදේශවල සංචාරයක නිරතවී තිබේ.

එහිදී කටාර් ජාතික දින උත්සවය වෙනුවෙන් ශ‍්‍රී ලාංකික පාසැල් දරු දැරියන් ඉදිරිපත් කරන ලද සංස්කෘතික හා සංගීත සංදර්ශන වැඩසටහන් වලට සහභාගී වී ඇත. එහි සංවිධායකයින් සහ එය නැරඹීමට පැමිණ සිටි ශ‍්‍රී ලාංකික ජනතාව ඉතා උනුසුම් ලෙස අමරසිංහ මහතාව පිළිගෙන තිබේ.

මේ අතර ඒ මහතා කටාර්හි ශ‍්‍රී ලංකා සටැෆර්ඩ් ජාත්‍යන්තර පාසලට ද ගොස් එහි විදුහල්පති තුමා ඇතුලු ගුරු භවතුන් සහ කාර්යමණ්ඩලය ද හමුවී ඇත.

එමෙන්ම කටාර් රාජ්‍යයේ පවත්වාගෙන යන කෘෂිකාර්මික ගොවිපොලක කටයුතු සිදුකරන අන්දම පිලිබදවද අධ්‍යයනයක් සිදු කර තිබේ.

එයට අමතරව ශ‍්‍රී ලාංකිකයන් විශාල ප‍්‍රමාණයක් සේවය කරන දෝහා කටාර්හි කරමාන්තපුරයටද ගොස් ඇත. එහි සේවයේ නියුතු ශ‍්‍රී ලාංකික වැඩ කරන ජනතාව සමග සුහද කතාබහක නිරත වූ අතර ඔවුන් මුහුණපාන ගැටළු වලට සවන්දීම සහ ශ‍්‍රී ලංකාව වර්තමාන තත්වය පිලිබඳ පැහැදිලිකිරීමක් ද සිදු විය.

තවද ජවිපෙ කටාර් කමිටුව විසින් කටාර් දේශයේ වෙසෙන ශ‍්‍රී ලාංකික ව්‍යාපාරිකයන සහ විද්වත් වෘත්තිකයන් වෙනුවෙන් සංවිධානය කරතිබූ රාත‍්‍රී භෝජන සංග‍්‍රහයකටද සහභාගී වී ඇති අමරසිංහ මහතා, ඔවුන් සමගද තම මවුබිම මේ මොහොතේ මුහුණපා ඇති අර්බුදකාරී තත්වය පිලිබඳවත් ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන වාතාවරණය සම්බන්ධයෙනුත් මනා විග‍්‍රහයක් කළ බවද පැවසේ.

ශ්‍රී ලාංකික දරුදැරියන්ගේ ප්‍රසංගය නරඹමින්

සටැෆර්ඩ් ජාත්‍යන්තර පාසලේදී

කෘෂිකාර්මික ගොවිපොළේ කටයුතු නිරීක්ෂනය කරමින්

කර්මාන්ත පුරයකදී

ව්‍යාපාරික සහ විද්වත් වෘත්තික හමුවේදී


Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්