ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඌව පළාත් සභා මැතිවරණය සඳහා නාමයෝනා බාරගැනීම හෙට (06) මධ්යාන 12න් අවසන්වන අතර ඒ සඳහා ඉදිරිපත්වන ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයින් අද (05) පෙරවරුවේ බදුල්ල සහ මොණරාගල දිස්ත්රික්ක සඳහා නාමයෝජනා භාරදී තිබේ.
බදුල්ල දිස්ත්රික්කය සඳහා නාමයෝජනා භාරදීම ජවිපෙ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ ප්රධානත්වයෙන් බදුල්ල දිස්ත්රික් කණ්ඩායම් නායක සහ ඌවපළාත් නායක සමන්ත විද්යාරත්න මහතා අපේක්ෂක ජවිපෙ මධ්යමකාරක සභික රාමලින්ගම් චන්ද්රසේකර් මහතා ඇතුළු පිරිසක්ගේ සහභාගීත්වයෙන් බදුල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණ.
මොණරාගල දිස්ත්රික්කය සඳහා නාමයෝජනා භාරදීම ජවිපෙ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතාගේ ප්රධානත්වයෙන් මොණරාගල දිස්ත්රික් කණ්ඩායම් නායක ඩි. එම්. ජයවර්ධන සහභාගීත්වයෙන් මොණරාගල දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණ.
තවත් දේශපාලන පක්ෂ කිහිපයක්ද අද නාමයෝජනා භාරදී තිබේ.
බදුල්ල



මොණරාගල












