ජයලලිතා ජයරාම් අභාවප්‍රාප්ත වෙයි

Image result for jayalalithaතමිල්නාඩුවේ  ප්‍රධාන අමාත්‍යවරිය වූ ජයලලිතා ජයරාම් චෙන්නායි නුවර පෞද්ගලික රෝහල ප්‍රතිකාර ලබමින් සිටියදී අභාප්‍රාප්ත වූ බව අද (06) අලුයම ප්‍රකාශයට පත් කර තිබේ.

මිය යන විට තමිල්නාඩු මහඇමතිවරිය 68 වන වියේ පසු වූ අතර පසුගිය 4 වැනි දින ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඇය රෝහල්ගත කර ඇත. ඊයේ පෙරවරුවේ හදිසි ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් පසුව අසාධ්‍ය තත්වයෙන් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබේ.

ජයලලිතා ජයරාම්ගේ අවසන් කටයුතු පිළිබඳ නිලවශයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර තමිල්නාඩුවට දින හතක ශෝක කාලයක්ද ප්‍රාන්තයේ සියලුම පාසල්වලට දින තුනක නිවාඩුවක්ද ලබා දී ඇත.

පුරප්පාඩු වූ තමිල්නාඩු මහ ඇමතිධූරයට ජයලලිතා ජයරාම් සිරගත වූ අවස්ථාවේදී මාස තුනක කාලයක් එම තනතුරේ කටයුතු කළ O. Panneerselvam පත්කර තිබේ. එම පත්වීම ඊයේ රාත්‍රියේම සිදු කර ඇති අතර ඩී.එම්.කේ. පක්ෂයේ නායකත්වයද ඔහුට ලබා දී ඇති බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්