මීට ටික වේලාවකට පෙර ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ ශාස්ත්ර පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන සිසුවකුට සරසවිය ඉදිරිපිටදී උල් ආයුධයකින් ඇණ ඇති බව වාර්තා වේ.
ෆුල් ෆේස් හෙල්මට් පැළඳ යතුරු පැදියකින් පැමිණ ඇති දෙදෙනෙකු සරසවි සිසුවාට උල් ආයුධයකින් ඇණ ඇති අතර එම සිසුවා මේ වනවිට කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.









