ජනතා නායකයින් අත්අඩංගුවට – වරද ජනතාව වෙනුවෙන් පෙනී සිටීම

මොරගහකන්ද-කලුගග ජල වියාපෘතිය නිසා අවතැන්වන පවුල් සදහා සාධාරණ වන්දි හා විකල්ප පහසුකම් ඉල්ලා මොරගහකන්ද වියාපෘති කාර්යාල භුමියේ උපවාසයක නිරතවු බහුජන සංවිධාන තුනක නායකයින් තිදෙනකු ඇතුළු 37 දෙනෙකු අධිකරණයන් නිකුත් කල නොතිසි නියෝග මත ඊයේ (27) වෙනි දින නාඋල වැඩබලන මහේස්ත්‍රාත් රණසිංහ කොස්වත්ත මහතා ඉදිරියේපෙනී සිටි අවස්ථාවේ එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ පුද්ගල ඇප මත මුදා හැරීමට නියෝග කළේය.

නාඋල පොලිසිය මගින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු නාඋල මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා විසින් සැකකරුවනට එරෙහිව නොතිසි නිකුත් කර තිබුණි.

සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ විධායක් සභික සුනිලරණවීර, නාඋල ජනතා අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැදවුම් කරු ආර්.ඒ.ඩි. ජයතිලක, මොරගහකන්ද ජනතා අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති චන්ද්‍රසිරි බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු 37 දෙනෙකු මෙසේ ඇප නියම වුහ.

මොවුන් සියලු දෙනාම මොරගහකන්ද ජල ව්‍යාප්‍රතියෙන් අවතැන්වන පවුල්වල සහ ඒ අය වෙනුවෙන් පෙනී සිටි අය වෙති.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්