කියුබාවේ හිටපු නායක, ෆිදෙල් කස්ත්රෝගේ නායකත්වයෙන් 1956 ජූලි 26 දින දියත් කළ සුප්රසිද්ධ මොන්කාඩා ප්රහාරයේ සංවත්සරය සමරමින් කියුබානුවන් විධි බැස ඇමෙරිකාවට එරෙහිව විරෝධතා දක්වමින් ප්රකාශ කර ඇත්තේ කියුබාවට එරෙහිව පනවා ඇති සියලුම සම්බාධක ඉවත් කරන ලෙසත් ග්වන්තනාමෝ බේ කඳවුර නැවතත් කියුබාවට බාර දෙන ලෙසත්ය.
මොන්කාඩා ප්රහාරයේ සැමරුමට එක් වෙමින් කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ දෙවන නායකයා වන ජොසේ රමෝන් මචාඩෝ ප්රකාශ කර ඇත්තේ දීර්ඝ කාලීන හා සංවිධිත මාර්ගයක් ඔස්සේ සබඳතා යථාවත් කිරීමේ මාර්ගය වැටී ඇති බවත් සම්බාධක හා ගුවන්තනාමෝ බේ සිර කඳවුර නැවත කියුබාවට බාර දීම ඒ තුළ අන්තරගත වී ඇති බවත්ය.









