විපතට පත් ජනතාව වෙනුවෙන් ලබා දෙන රජයේ ආධාර ක්රියාවලිය අවුල් කිරීම සඳහා ග්රාම නිලධාරීන් යොදා ගැනීමට විපක්ෂය දරන ලද උත්සාහයක් අනාවරණය වී තිබේ.
එක්සත් ග්රාම නිලධාරීන්ගේ සංගමය ප්රකාශ කර තිබෙන්නේ ඉදිරියේ දී වැඩ වර්ජනයක් කරන බව ය. මේ අතර, තවත් මාධ්ය ප්රචාරයක් වෙනුවෙන් ඇතැම් තෝරා ගත් පුද්ගලයන්ගෙන් ප්රකාශ ලබා ගනිමින් වීඩියෝ සමාජ ගත කරමින් සිටිති.
ව්යසනය සිදු වී අද (10) දින වනවිට දින 12ක් පමණ ගෙවී තිබුණ ද එම පුද්ගලයින් ප්රකාශ කරන්නේ “දවස් 20ක් 25ක් ගෙවී තිබුණත් සහනාධාර ලැබුණේ නෑ” යනුවෙනි. එහෙත්, ග්රාම නිලධාරීන් දක්වා රාජ්ය යාන්ත්රණය උපරිම කැපවීමෙන් ක්රියාත්මක වී තිබෙන ආකාරය පැහැදිලි කරන මහනුවර දිස්ත්රික් ලේකම්වරයාගේ ප්රකාශයක් ඇතුලත් වීඩීයෝවක් පහත දැක්වේ.










