
ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වාර්තා වැඩසටහනක් නිශ්පාදනය කිරීමට මාධ්ය වේදීන් යාපනය බලා ගමන්කරමින් සිටි වෑන් රථයක් රඹෑව ප්රදේශයේදී අනතුරට පත්වීමේන් එක් අයෙකු මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ ගුවන්විදුලි සංස්ථාවේ අධ්යක්ෂවරයෙකු වන නුරානියා හසන් මහතාය. ඔහු සමග ගමන්ගත් තවත් 6දෙනෙකු තුවාලලබා රෝහල් ගතකර ඇත. අද අළුයම මෙම අනතුර සිදුවී ඇති අතර රෝහල් ගතකළ තුවාලකරුවන්ගේ තත්වය පිළිබද මේවන විට වාර්තාවී නැත.









