ඉන්දියාවේ කිඹුල් කදුළු

සෙට්‌ටිකුලම මැණික්‌ෆාම් අවතැන් කඳවුරේ තවමත් රදවා සිටින 6500කට අධික පිරිසක් තමන්ගේ මුල් ගම්බිම් බලා යාමට අවශ්‍ය බව එහි සංචාරයක නියැළුනු ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට ඊයේ (18) දන්වා ඇත.

පසු 17වෙනිදා දිවයිනට පැමිණි මෙම මන්ත්‍රී කණ්ඩායම උතුරේ සංචාරයක නියැලෙමින් සිටී. එහි වෙසෙන ජනතාවට ඉන්දියාව ලබාදෙන සහනාධාර නිසිපරිදි ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීමට මෙම සංචාරයේ යෙදෙන බව ප්‍රකාශකර තිබින. කෙසේ වෙතත් ඔවුන් යුද්ධයෙන් පීඩණයට පත් ජනතාව සහ අවතැන් කදවුරුවල සිටින ජනතාවගේ දුක්ගැනවිලි පිළිබදව විශේෂයෙන් සොයාබලමින් සිටින බව වාර්තාවේ.

එමෙන්ම 13වෙනි ව්‍යවස්ථා සංශෝදනය ඉක්මවා ගිය බලය බෙදීමකට ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය පොලඹවාගැනීමේ ක්‍රියාවලියක මෙම නියෝජිත පිරිස යෙදී සිටින බව දෙශපාලන විශ්ලේශකයන්ගේ අදහස වී තිබේ. මෙම ජනතාවගේ දුක්ගැනවිලි සහ පීඩනයන් සියල්ල බලය බෙදාහැරීම පිළිබද ඉන්දියානු අවශ්‍යතාවයට අනුව මෙහෙයවමින් සිටින්නේයැයිද ඔවුහු පෙන්වා‍ දෙති. එයට අදාලව මෙම වැසියන්ගේ පීඩාවන් පිළිබදව ඉන්දියාව කිඹුල් කදුළු හෙලන්නේයැයිද වැඩිදුරටත් සදහන්කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්