ගිනි අවි සමග පොහොට්ටු මන්ත්‍රීන් දෙදෙනෙක් අත්අඩංගුවට

ගිනි අවි සමග පොහොට්ටු මන්ත්‍රීන් දෙදෙනෙක් අත්අඩංගුවට

පෙදරේරුවෙකුට මරණ තර්ජනය කිරීම සහ බියවැද්දීම යන කරුණු මත පොහොට්ටු පක්ෂයේ බියගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී පාලටුව විතාරනගේ සුජිත් හර්ෂණ නැමැත්තා සහ එම ප්‍රාදේශීය සභාවේ වත්මන් මන්ත්‍රී මද්දුම ලියනගේ සුභාෂන ප්‍රභාත් නැමැත්තා ගිනිඅවියක් සමග සපුගස්කන්ද පොලීසිය විසින් අත්තඩංගුවට ගෙන තිබේ.

පාලටුව විතාරනගේ සුජිත් හර්ෂණ නැමැත්තා අංක 253/22, ශාන්ති මාවත, මාකොල දකුණ,  මාකොල ලිපිනයේ පදිංචි කරුවෙකු වන අතර මද්දුම ලියනගේ සුභාෂන ප්‍රභාත් නැමැත්තා අංක 320/05, මාකොල දකුණ, මාකොල ලිපිනයේ පදිංචිකරුවෙකි.

ඔවුන් සන්කතයේ තිබි AK.L.X 565 දරණ GLOOK 19 GEN 5 වර්ගයේ 9×19 දරණ පිස්තොල අවි හා එම උණ්ඩ 09ක් හා අංක CAW 5489 දරණ BMW කාර්රථය අත්තඩංගුවට ගෙන ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්