ගැබිනි මව්වරුන් 2,250කට කොරෝනා ආසාදිත වෙලා

ගැබිනි මව්වරුන් 2,250කට කොරෝනා ආසාදිත වෙලා

ගර්භණි මව්වරුන් 2,250 දෙනකුට කොවිඩ් – 19 ආසාදනය වී ඇතැයි හඳුනාගෙන ඇති බවත් කොවිඩ් වැළඳීමෙන් ගර්භණි මව්වරුන් 13 දෙනකු මියගොස් ඇති බවත් ගර්භනී සහ පසු ප්‍රසූත මව්වරුන් 170 දෙනකු මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබාගන්නා බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ගැබිනි මව්වරුන් සඳහා මෙතෙක් ලබා දෙන්නේ සයිනෝෆාම් එන්නත පමණක් බැවින් ෆයිසර් සහ මොඩර්නා එන්නත් ලබාදීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලන ලෙස පවුල් සෞඛ්‍ය කාර්යංශය, සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා පවසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්