කොවිඩ් – 19 එන්නත් විශේෂඥ කමිටුවේ තිදෙනෙකු ඉල්ලා අස්වෙති…

කොවිඩ් – 19 එන්නත් විශේෂඥ කමිටුවේ තිදෙනෙකු ඉල්ලා අස්වෙති…

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කොවිඩ් – 19 එන්නත් විශේෂඥ කමිටුවේ සාමාජිකයින් තුන් දෙනෙකු ඉල්ලා අස්වී තිබේ.

මෙම සාමාජිකයින් ඉල්ලා අස්වී ඇත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය චීනයේ නිෂ්පාදිත සිනොවැක් එන්නත ශ්‍රී ලංකාවේ භාවිතයට අනුමැතිය ලබාදීමෙන් පසුවයි.

සාමාජිකයින් 08 දෙනෙකුගෙන් යුතු අදාල කමිටුවෙන් ඉල්ලා අස්වී ඇත්තේ වෛද්‍ය රජීව ද සිල්වා, වෛද්‍ය කාන්ති නානායක්කාර සහ මහාචාර්ය චන්න රණසිංහ යන අයවලුන්.

ඉල්ලා අස්වීමට හේතු ලෙස ඔවුන් පෙන්වා දී ඇත්තේ චීනයේ නිෂ්පාදනයක් වන සිනොවැක් එන්නතට අනුමැතිය ලබාදීමට තමන් විරුද්ධ වී තිබියදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය එම එන්නත මෙරට භාවිතය සඳහා අනුමැතිය ලබාදීම බවයි.

කොවිඩ් – 19 ඩෙල්ටා ප්‍රබේධය හමුවේ සිනොවැක් එන්නත දුර්වලතම එන්නතක් බව කොවිඩ් – 19 පිළිබඳ විශේෂඥ කමිටුව නිගමනය කර ඇති බව වාර්තා වේ. එම වාර්තා තවදුරටත් පෙන්වා දෙන්නේ සිනොවැක් එන්නතේ මාත්‍රා දෙකක් ලබා දී මාස 06කට පසුව තෙවන එන්නතක්ද ලබාදිය යුතු බවයි.

සිනොවැක්ස් එන්නත හදිසි භාවිතයට අවසර දීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සහ ශල්‍ය වෛද්‍ය නිශ්ශංක ජයවර්ධනද විරුද්ධ වී ඇති අතර එහි අනෙකුත් සාමාජිකයින් ඊට අනුමැතිය ලබාදී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්