කෝටි 200ක කුඩු තොගයක් කොටු වෙයි

කෝටි 200ක කුඩු තොගයක් කොටු වෙයි

වැලිගම මිරිස්ස මෝදර මුහුදු තීරයේ දී නාවික හමුදාව විසින් හෙරොයින් මත්කුඩු කිලෝ දෙසීයක් සමග පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මෙසේ අත්අඩංගුවට ගන්නා ලද මත්කුඩු තොගයේ වටිනාකම රුපියල් බිලියන දෙකකට වැඩි බවත් ගෑස් සිලින්ඩර හා ගෝනිවල අසුරා මෙම මත්ද්‍රව්‍ය තොගය බහුදින ධීවර යාත්‍රාවක් මගින් මෙරටට ගෙනවිත් තිබූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්