මෙරට ඉතිහාසයේ එක් අවස්ථාවකදී ඛණිජ තෙල් මිල වැඩිම ප්රමාණයකින් ඉහළ දැමීමෙන් පැය 24ක් ගත වීමටත් පෙර ආණ්ඩුව තුළ බරපතළ ගැටීම් ඇති වී තිබෙන බව පොහොට්ටු පක්ෂයේ නිවේදන වලින්ම හෙළිවී ඇත.
තෙල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් වගකීම බාර ගෙන උදය ගම්මන්පිල ඇමතිවරයාට ඉල්ලා අස්වන ලෙස පොහොට්ටු පක්ෂයේ මහා ලේකම් සාගර කාරියවසම් ඊයේ (12) දැනුම් දී තිබිණි. ඒ සමගම උදය ගම්මන්පිල ඇමතිවරයා වෙනුවෙන් පෙනී සිටින පාර්ශවයන් දැඩි ලෙස අවධාරණය කර ඇත්තේ මෙය ඇමතිවරයාගේ හිතුවක්කාරී තීරණයක් නොව ජීවන වියදම් කමිටුව විසින් ගන්නා ලද තීරණයක් බැවින් ඇමතිවරයා ඉල්ලා අස්විය යුතු නැති බවයි.
තෙල් මිල වැඩි කිරීමත් සමග ජනතාවගෙන් එල්ල වූ විරෝධය හමුවේ සමාජ මාධ්ය මෙන්ම ප්රධාන ධාරවේ විද්යුත් මාධ්ය පවා ආණ්ඩුවට දැඩි ප්රහාරාත්මක ප්රවෘත්ති සහ වාර්තා පළකරනු ලැබීය. මෙයට පිළිතුරු වශයෙන් පොහොට්ටු පක්ෂයේ මහා ලේකම්වරයා උදය ගම්මන්පිල ඇමතිවරයාට ඉල්ලා අස්වන ලෙස දන්වා සිටියද දැන් මේ වනවිට එය ජනාධිපතිවරයා සහ අගමැතිවරයා නියෝජනය කරන සාමූහික කමිටුවකින් ගන්නා ලද තීරණයක් බව ගම්මන්පිල ඇමතිවරයාගේ පාර්ශවය කරුණු දක්වා තිබේ.
මේ නිසා ඉන්ධන මිල ඉහළ දැමීම පදනම් කර ගනිමින් පමණක් මේ වනවිට බරපතළ ගැටීම් ආණ්ඩුව තුළ සිදු වන බවට කරුණු සහිතව හෙළි වෙමින් තිබේ.










